මචංලා, මචීලා, පොඩි උදව්වක් ගන්නයි මේ හදන්නෙ.. හරිම වටින දේකට..
ඔයාල සමහරවිට දන්නව ඇති Open MRS කියල විවෘත කේත අරෝගයශාලා කලමණාකරණ පද්ධතියක් ගැන. http://openmrs.org/ 
ඉතිං මගෙ අයිඩියා එකක් තීනව ඒ සිස්ටම් එක Localisation කියන දේ පදනම් කරගෙන සම්පූර්ණ සිංහල සංස්කරණයක් සකස් කරන්න.. ඇත්තටම ඒ දේ එච්චරම ලොකු වැඩකුත් නැහැ.. නිකම්ම ඉංග්‍රීසි බසින් තියෙන දේවල් ටික සිංහලයට ගැලෙපෙන පරිදි හරවන්නයි තීන්නෙ.. මෙන්න මේ වගේ..

උදා: Patient Registration=රෝගීන් ලියාපදිංචි කිරීම

හරිම පොඩි වැඩක් නේද තීන්නෙ. වැඩේ තින්නෙ මේ සිස්ටම් එකෙ ආසන්න වශයෙන් වචන/වගන්ති 2600 ක් පමණ අන්තර්ගතයි.. ඒක නිසා මේ දේ මට තනියම කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි.. අපි හැමෝම එකතු වෙලා වචන 50, 50 බෙදාගෙන සතියක් විතර කරොත් නම් ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙයි කියල හිතනව. සිංහලෙන් කොටන්න කැමති යාලුවො මට උදව් කරන්න.. ලොකු දෙයක්..
සිංහලෙන් කොටන්න හරියට දන්නෙ නැති ඒත් උදව් කරන්න කැමති නම් ඒත් කමක් නැහැ. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් දාගත්තම හරි ඒකට.

අමතක කරන්නෙපා මේක තමයි ලෝකෙ දැනට තීන ලොකුම සහ සාර්ථකම අරෝගයශාලා කලමණාකරණ පද්ධතිය බව. කවදහරි දවසක මේකෙ සිංහල සංස්කරණය එලිදක්වද්දි ඔයාටත් සංතෝස වෙන්න පුලුවන් මාත් මේකට සම්මාදම් උනා කියල..

වැඩේට කැමති නම් මේ ෆේස්බුක් ගෲප් එකට සෙට් වෙන්න පස්සෙ මම ඒ කට්ටියට වැඩේ කරනං යන විදිය දැනුම් දෙන්නම්. ස්තූතියි!