අනෙ අම්මේ දැන් නම් කොටස් වෙලදපොලත් ඇති වගෙ...නරකමත් නැහැ ඒත් ටිකක් අවධානම් කියල හිතෙනව.. විශේෂයෙන් සල්ලිකාරයො නොවන අපි වගෙ අයට..
රු.5000ක් දාල මොන ශෙයා මාකට්ද බං..ලොල්.. දැන් තමයි සීන් එක තේරුනේ.. මේක ඉතිං තීන සොච්චමටත් කෙලවෙන සීන් එකක් කියල. ඇයි යකො ගත්තත් 1.5% ගානක් ඌට වික්කත් 1.5% ගානක් (අපි කරන හැම ගණුදෙනුවකදිම කොමිස් කැපෙනව බාං). අපිට ඉතිං අතින් කයිට්.. සිරාවට දැනටම රු.500ක් විතර කෙලවුණා.. අනෙ අම්මෙ මේක නම් හරියන සෙල්ලමක් නෙවෙයි වගෙ.. ශේප් එකෙ ඔය ගත්ත මගුල් ටික විකුණල දාල සල්ලි ටික බේර ගත්තොත් හොදා... හික්..හික්.. අවුලක් නෑ මේකෙනුත් යමක් ඉගෙන ගත්තනෙ.. සියළු සංස්කාර නැසෙන සුලුයි නොපමාව කුසල් දහම්හි යෙදෙන්න... කොටස් වෙලදපොල යනු එක්තරා ආකාරයක සූදුවෙකි.. සුදූවෙන් මුදල් ඉපයීමට ගොස් අලුත් දේවල් ලබා ගැනීම කෙසේ වෙතත් තිබෙන දේ නැති වෙන්න පවතින ඉඩ කඩ වැඩි බව මෙයින්ද මොනවට පැහැදිලි වුණි...  මේකයි සල්ලි කාරයෙක්ට නම් නරකමත් නැහැ මේක.. බට් වියදම් කරන්න බැරි එකෙක් නම්  තීන චුට්ටත් නැති වෙන සෙල්ලමක් මේක.. කට්ටිය ට්‍රියි එක් දාල බලන්න.. කෝකටත් දැන ගෙන තියාගන්න එක හොදයිනෙ... අපි ගියා.. ජයවේවා! xD


අන්තරජාලය හරහා ගෙදර ඉදන්ම කොටස් වෙලදපොල වැඩ කටයුතු කලහැකි Direct FN TWS මෘදුකාංගය තමයි මේ..